ගැටළුවලට ආණ්ඩුවේ විසඳුම අත්අඩංගුවට ගැනීම නම්, අපේ පිළිතුර සටනයි

ගැටළුවලට ආණ්ඩුවේ විසඳුම අත්අඩංගුවට ගැනීම නම්, අපේ පිළිතුර සටනයි

වසර 24 ක් පුරා නොවිසඳන ලද ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ නියුතු වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගෙන සිරගත කිරිමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එසේ අත් අඩංගුවට ගෙන නිරෝධායන නීතියට මුවා වී සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම ආණ්ඩුවේ පිළිතුර නම් ප‍්‍රජාතන්ත්‍රවාදී ලෙස සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපට සිදුවනු ඇත.

එහෙයින් අප ඉල්ලා සිටින්නේ මෙම අත්අඩංගුවට ගත් සියලූ ගුරු - විදුහල්පතිවරුන් හා වරියන් වහාම නිදහස් කරන ලෙසත්, ගුරු ගැටළුට සාධාරණ විසඳුමක් ඉරිදිපත් කරන ලෙසත් ය.