ගුරු - විදුහල්පති උද්ඝෝෂණයේ ආපු 42ක් අත්අඩංගුවට

ගුරු - විදුහල්පති උද්ඝෝෂණයේ ආපු 42ක් අත්අඩංගුවට

අද (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදුකෙරුනු විරෝධතාවේ සිටි පුද්ගලයන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, කාන්තාවන් 16 දෙනෙකුද සිටින බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස සමග වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවල සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණි අතර, පැයක් පමණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වූ අතර, හේ හේතුවෙන් ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.

(ශ්‍රී ලංකා මිරර්)