කොරෝනා අවදානම නිසා නගර රැසක පිරිස් ස්වයංව අඟුලු දමා ගනී

කොරෝනා අවදානම නිසා නගර රැසක පිරිස් ස්වයංව අඟුලු දමා ගනී
කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක නගරාශ්‍රිත වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ ප්‍රජාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙන ආකාරයක් මේ දිනවල වාර්තා වේ.
 
ඒ අනුව ඊයේ (16) දිනයේ සිට ඉදිරි දින 07ක් සඳහා වෙළඳසැල් වසා දැමීමට අම්බලන්ගොඩ වෙළෙඳ සංගමය කටයුතු කර තිබෙන අතර අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාම නිසා මෙම තීරණයට ගෙන තිබේ බවයි වර්තා වෙන්නේ.
 
තවද පසුගිය 15 වෙනි දින ගම්පහ වෙළෙඳ සංගමය කළ දැනුම් දීමකට අනුව ඊයේ (16) දිනයේ ගම්පහ නගරයේ වෙළෙඳසැල් රැසක් වසා දමා තිබුණු බව වාර්තා විය.
 
සති 02ක කාලයක් තුළ ආසාදිතයින් 500 කට අධික පිරිසක් කැකිරාව නගරය ආශ්‍රිතව හමුවීමත් සමග එළැඹෙන 27 වැනිදා දක්වා එම නගරය වසා දැමීමට කැකිරාව වෙළෙඳ සංගමය ද ඊයේ තීරණය කර ඇත.
 

ඊට අමතරව ඉදිරි දින 07ක් සඳහා වේයන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වසා දැමීමට වෙළෙඳ සංගමය කටයුතු කර තිබෙන අතර වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙන කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම නිසා එම තීරණය ගැනීමට සංගමය කටයුතු කර ඇත.

තවද,බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය විසින් ඊයේ (16) දිනයේ රාත්‍රී 10.00 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙන අතර කෑගල්ල නගරයේ සියලුම වෙළඳසැල් හෙට සිට සති දෙකක් වසා තැබීමට තීරණය කර ඇති බවයි කෑගල්ල සිංහල වෙළඳ සංගම ප්‍රකාශ කර ඇත්තේ.

ඊට අමතරව දිවුලපිටිය, අම්බලන්තොට, කැකිරාව සහ මාතලේ පලාපත්වල යනාදී නගරවට වෙළෙඳ සැල් රැසක් ඊයේ දිනයේ සිට වසා තැබීමට කටයුතු කර ඇති බවත් සඳහන්.