ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරුන්ගේ නිවාස වල කළු කොඩි එසවේ

black-flag

ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 6 වැනි දා රටපුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට  කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක්වන බව  ලංකා විදුහල්පති සංගමය සඳහන් කරයි.

රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බව ද ප්‍රනාන්දු මහතා පවසයි.

(ලංකාදීප)