ලෝක ගුරු දිනය දා ගුරු උද්ඝෝෂණ මාලාවක්

ලෝක ගුරු දිනය දා ගුරු උද්ඝෝෂණ මාලාවක්

හෙටට (06) යෙදී ඇති ලෝක ගුරු දිනය මුල්කරගෙන දින ප්‍රාදේශීය මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.

ලංකාව පුරා පිහිටා ඇති අධ්‍යාපන කොට්ඨාශ කාර්යාල ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණ මාලාව කරමින් සිටින බවත්, කුමන බාධක පැමිණිය ද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.

ගුරු-විදුහල්පතිවරුන්ගේ අරගලය නිමා කිරීමට නම් තමන්ගේ ප්‍රශ්ණයට පාලකයින් සාධාරණ විසඳුමක් ලබාදිය දිය යුතු බවයි.