ලෝක ගුරු දිනය දා “ජාතික කළු විරෝධතා දිනයක්“ බවට ප්‍රකාශයට පත් කරයි

Rev-Ulapane-Sumangala

ලෝක ගුරු දිනය යෙදෙන හෙට දිනයේදී (06) දින දා රටපුරා සියලු නිවෙස් වල කළු කොඩි ඔසවා ගුරු-විදුහල්පති අරගලයට සහයෝගය ලබාදෙන ලෙස ගුරු-විදුහල්පති ජාතික එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් මාධය හමුවක් කැඳවමින් රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් සුමංගල හිමියන් පවසා සිටියේ ලෝක ගුරු දිනය දින “ ජාතික කළු විරෝධතා දිනයක්“ ලෙස ප්‍රකාශයට පත්කරන බවයි.

රජය විසින් ගුරුවරුන්ගේ ඉල්ලීම් වලට දක්වන මුරණ්ඩු, රළු, මර්ධනකාරි ප්‍රතිපත්තියට එරෙහිව සියලු පක්ෂ නායකයින් කැඳවා ගුරුවරුන්ගේ ප්‍රශ්ණය ගැන දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් හෙට (06) දින ලෝක ගුරු දිනයට සමගාමීව පවත්වන බවත්, එය නාරාහේන්පිට අභයාරාමයේදී සවස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කලේය.

රජය අඩුම තරමින් කැබිනට් අනුකමිටුව විසින් යෝජනා කර ඇති විසඳුම හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළයුතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම මාධ්‍ය හමුව ජාතික ගුරු බලයේ ලේකම් එන්. ආර්. මනතුංග මහතාද අදහස් දක්වන ලදි.