වෘත්තීය සමිති නායකයෝ මහා නායක හිමිවරුන්ට ජාතික සම්පත් විකිණිම ගැන දැනුවත් කිරීමට යයි

වෘත්තීය සමිති නායකයෝ මහා නායක හිමිවරුන්ට ජාතික සම්පත් විකිණිම ගැන දැනුවත් කිරීමට යයි

කෙරවලපිටිය විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකිණීම, වරාය සතු ඉඩම් හා සේවා විකිණීම, තෙල් ටැංකි විකුණා දැමීම හා තෙල් සංස්ථාව අහෝසි කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් තෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.

ඒ අනුව (05) දින වෘත්තීය සමිති නායකයින් මහනුවරදී මහානායක හිමියන් මුණගැසී මේ සම්බන්ධව දැනුවත් කරන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි එකාබද්ධ සංවිධානය පවසයි.