වර්ජනය අවසන් කර ඉදිරියේදී ගුරු-විදුහල්පතිවරුන් අඛණ්ඩ සත්‍යග්‍රයකට - පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ

rev-ulapane-sumangala-thero

මෙතෙක් ආරම්භ කර තිබූ ගුරු වර්ජනය අවසන් කර හෙට (ඔක් 25) දින  විදුහල්පතිවරු සහ සියළු ගුරුවරැන් සේවයට වාර්තා කිරීමට තීරණය කළ බව ගරු-විදුහල්පති වැටුප් විෂමතා ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ අද (24) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

එහිදි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ගුරුවරුන් හා දෙමව්පියන් අතර, ආණ්ඩුව ගැටුමක් නිර්මානය කිරීමට උත්සහ කිරීමට කටයුතු කරන බවත්, පාසල් විවෘත කිරීමට දරුවන්ගේ කොවිඩ් වැළැක්වීම සඳහා කිසිඳු ආරක්ෂිත කටයුතු සඳහා මෙතෙක් කිසිඳු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත්, මාස ගණනත් පාසල් වසා දමා තිබුණත් කිසිඳු පිරිසිඳු කිරීමකින් තොරව ප්‍රාථමික අංශ විවෘත කිරීම අමනෝඥ ක්‍රියාවක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය. තවද ඉගැන්වීමේ කටයුතු වලට අමතරව පාසලේ වෙනත් කිසිඳු රාජකාරියක් සිදුකොනරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසන ලදි.

මෙහිදි  පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ තම සටන මෙතෙකින් අවසන් නොකර බවත් තම වැටුප් ප්‍රශ්ණය විසඳන තුරු සියලු ගුරු-විදුහල්පතිවරුන් ඉදිරියේදී අඛන්ඩ සත්‍යයග්‍රහයක් ආරම්භ කරන බවත් ආරක්ෂක හේතුන් මත දිනය, ස්ථානය හා වේලාව ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් වැඩිදුරටත් පැවසීය.