බඳවාගත් උපාධිධාරීන් 60,000 ගැන පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගෙන් සඳහනක්

බඳවාගත් උපාධිධාරීන් 60,000 ගැන පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගෙන් සඳහනක්

රජයේ ප්‍රතිපත්තියක් ලෙස පසුගියදා උපාධිධාරීන් 60,000කට පත්වීම් ලබා දුන්නා මිස එම බඳවාගැනීම් 60,000 ම සිදු කළේ පුරප්පාඩු තිබූ මොහොතක නොවන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

ලේකම්වරයා මෙහි දී පෙන්වා දෙන්නේ සියලුම උපාධිධාරීන් හට රජයේ රැකියාවක් ලබා දිය යුතුම යැයි කියා කිසිදු බැඳීමක් නොමැති මෙන්ම කිසිදු රටක හෝ ඒ ආකාරයේ පත්වීම් සිදු නොකරන බවයි.‍

රජයේ ප්‍රතිපත්තියක් නිසා ඒත් ක්‍රියාත්මක කිරීමට සිදු වූවා මිස ඇත්ත වශයෙන්ම එම අයට ලබාදෙන වැටුපට සරිලන ආකාරයෙන් ඔවුන්ගෙන් සියයට සීයක්ම සේවාවන් ඉටු වෙනවා ද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ ආකාරයෙන් පත්වීම් ලබාගෙන ඔවුන් ඊළඟට වැඩි හරියක් සිදුකරන්නේ රජයට විරුද්ධව පාරට බැස උද්ඝෝෂණය කිරීම බව ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.