25 සිට පළාත් අතර දුම්රිය ධාවන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

25 සිට පළාත් අතර දුම්රිය ධාවන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

25 වන දින සිට පළාත් තුල දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.ඒ අනුව බස්නාහිර තුල ප්රධාන මාර්ගයේ අඹේපුස්ස,මීරිගම,වේයන්ගොඩ,ගම්පහ හා රාගම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 22 ක් ද , කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා කොස්ගම සිට ගමන් වාර 4 ක් ද ,පුත්තලම් මාර්ගයේ මීගමුව හා කොච්චිකඩේ සිට ගමන් වාර 08 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,කලුතර,වාද්දූව ,පානදුර හා මොරටුව සිට ගමන් වාර 22 ක් ද ක්රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම දකුණු පලාත තුල ගාල්ල සිට මාතර හා බෙලිඅත්ත දක්වා ද මාතර සිට බෙලිඅත්ත දක්වා ද දුම්රිය කිහිපයක් ධාවනයට කටයුතු සූදානම් කර ඇත. මීට අමතරව මධ්යම පලාත තුල මහනුවර සිට මාතලේ ,නාවලපිටිය නානුඔය ,පොල්ගහවෙල හා රඹුක්කන දක්වා ද දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.