ස්ථිර පත්වීම් ඉල්ලා උතුරේ සුව සේවිකාවෝ වීදියේ

ස්ථිර පත්වීම් ඉල්ලා උතුරේ සුව සේවිකාවෝ වීදියේ

දීර්ඝ කාලයක් තිස්සේ උතුරු පළාතේ රෝහල් තුල ස්වේච්ඡාවෙන් සේවය කළ සෞඛ්‍ය සේවකයන් පිරිසක් ස්ථිර පත්විම් ඉල්ලා විරෝධතාවයක් දියත් කර තිබේ.

පළාත් බද වාර්කරුවන් පවසන්නේ නොවැම්බර් 1 වැනි සදුදා පෙරවරුවේ උතුරු පළාතේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී එම විරෝධතාවය පැවැති බවයි.

උතුරු පළාතට අයත් රෝහල් තුළ 970 දෙනෙක් ස්වෙච්ඡාවෙන් සේවය කර තිබෙන අතර ඔවුන්ගෙන් 349 දෙනෙකුට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ස්ථිර පත්විම් ලබා දී තිබේ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ සෙසු පිරිසටද ඒ ආකාරයෙන් ස්ථිර පත්වීම් ලබා දෙන ලෙසයි.

විරෝධතාකරුවන්ගෙන් බහුතරය කාන්තාවන් බව පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් සදහන් කරයි.

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා පත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය මාසයේ කටයුතු කර තිබුනි.

(ලීඩර්)