කල් දැමූ විභාග කිහිපයකට දින නියම වෙයි

කල් දැමූ විභාග කිහිපයකට දින නියම වෙයි

පසුගිය වර්ෂයේ දී පැවැත්වීමට තිබී කොවිඩ්වි වසංගත තත්වය හේතුවෙන් කල්ගිය  පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වෙන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය  පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.

අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස 23 සඳුදා දින සිට ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම විභාග කාලසටහන සඳහා අද (2) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩල එකඟතාව ද පළවී ඇත.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත මෙම සංශෝධිත කාල සටහන ඉදිරිපත් කර ඇත