රාජ්‍ය සේවකයින් ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අලුත් තීරණයක

රාජ්‍ය සේවකයින් ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අලුත් තීරණයක

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, යම් සීමාවන්ට යටත්ව ඔවුන් සේවයට කැඳවන බවයි.

අදාළ කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.

ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර, අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදු කෙරෙයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, අවශ්‍යතාව මත දින හා වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවයි.