දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩ වර්ජනයක

 දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩ වර්ජනයක
දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට හා දුම්රිය මගී ජීවිත අනතුරුදායක කරමින් ක්‍රියාත්මක වන  සංඥා පද්ධති වලට එරහිව අප සංගමය විසින් කොටස් වශයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. අනතුරු දායක සංඥා පද්ධති සම්බන්ධයෙන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසුදුනු ගැටලු සම්බන්දයෙන් අප සංගමය හිටපු හා වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් හා වර්ථමාන සාමාන්‍යාධිකාරීතුමා තුමා සමඟ ද අවස්ථා ගණනාවක් එකම ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කල ද මෙතෙක් එම ගැටලුවලට  විසදුම් නොලැබීම නිසා  අද සංකේත වැඩ වර්ජනයක් ලෙස පැය 24 ක කාලයකට දුම්රිය විදුලි සංදේශ කාර්‍යාලයේ දුම්රිය ස්ථානාධිපති වරුන් සේවයෙන් ඉවත් වීමට කටයුතු සූදානම් කර ඇත.
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ අලුතින් හඳුන්වා දීමට යන සංනිවේදන පද්ධතියේ  දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානම  සංනිවේදන කාරයාලය වන දුම්රිය සංග්නාපති කාර්‍යාලීය එම නවීකරණ කටයුතු වලට එක් නොකිරීමට අප පෙර විරෝධතා පල කල අතර එම කාර්යාලයේ රාජකාරි ස්භාවය කුමක් ද යන්න ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති පාලනාධිකරණයට පෙන්වීමට අප සංගමය මෙහි පලමු පියවරක් ලෙස එම කාර්යාලයේ සේවය කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රී සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
 

දුම්රිය උප දෙපාර්තමේන්තුව 09 හී ම නිල සංනිවේදන කටයුතු මෙම කාර්යාලය හරහා කරනු ලබන අතර ඉතාම හදිසි හා කඩිනම් ලබ දිය යුතු දුම්රිය විදුලි පුවත්, දුම්රිය දෝෂ ,සිග්නල් දෝෂ ,දුම්රිය අනතුරු,දුම්රිය අනතුරු සම්බන්ධයෙන් පොලීසිය සමඟ තොරතුරු හුවමාරු කිරීම්,හදිසි දුම්රිය නිවේදන,හදිසි නිල කිරීම් මෙන්ම හදිසි උපදෙස් හා නියෝග සංනිවේදන මේ හරහා හෙට දින සිට ක්‍රියාත්මක නොවන අතර මෙහිදී දුම්රිය අවලංගු වීමක් සිදුනොවන අතර යම් යම් දුම්රිය ප්‍රමාදයන් සිදු වීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් අපි මඟීන් වෙත කණගාටුව ප්‍රකාශ කර සිටිනවා . ඊයේ  පස්වරු 01:00 ලබා දී ඇති සාකච්ඡාවට සඳහා දුම්රිය ස්ථානාධිපතිවරු සහභාගි නොවූ අතර පාලන අධිකාරිය විසින් ගෙනයනු ලබන සාකච්ඡා මාර්ගයෙන් කල් මැරීමේ ප්‍රතිපත්තිය ට අප විරෝධය පල කොට සිටිනවා.මෙම ගැටලු සම්බන්ධයෙන් පෙර සාකච්ඡා කර ඇති අතර අවසන් සාකච්ඡාව පවත්වා මාස දෙකකට ආසන්න වුව ද අප විසින් ඉල්ලීම් කල ද එම  සාකච්ඡා සටහන ද මාස දෙකකට ආසන්න වුවද අද දක්වා අප වෙත එය ලබා නොදී ඇති අතර, දුරටත් විසඳුම් ලබාදීම කල් මරන්නේ  නම් 26 වන ඉරිඳා මධ්‍යම රාත්‍රි 12:00 සිට සමස්ත දුම්රිය ස්ථානාධිපති වරුන්ම මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවකයන්ගේ ද ගැටලු සම්බන්ධයෙන් අප හා මේ වන විට සාකච්ඡා කර ඇති අතර සමස්ත සේවකයන් අප එකට ඒක රාශී කරමින්  අරගලකාරී අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව දන්වා සිටිනවා..