ගුරු - විදුහල්පති වැටුප් ගැන අලුත් ආරංචියක්!

ගුරු - විදුහල්පති වැටුප් ගැන අලුත් ආරංචියක්!

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 13 වෙනි දින පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත .

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති නිසා, එම කටයුතු කඩිනමින් නිම කළ හැකි බව ද ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවලට අදාල විස්තර ලැබුණු වහාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරන බව ද ඇමති ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.