සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය ක්‍රියමාර්ගය දිගටම

mlt

 සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා දීමට අපොහොසත් වී ඇති අතර, රටේ ආර්ථික අර්බුධය දඩමීමා කර ගනිමින් ගැටලුවලින් පලායාමේ ප්‍රතිපත්තියක් සෞඛ්‍ය ඇමතිවරයා විසින් අනුගමනය කරමින් සිටීන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඊට එරෙහිව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අඛණ්ඩ අරගලයේ මීලග පියවර හෙට (15/12/2021) දවසේදී ඌව පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, බදුල්ල මහ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලැබේ.

එසේම, 2021/12/16 දින නැගෙනහිර පළාතේ සියළු රෝහල් තුලද එවැනිම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරනු ලැබේ. එදිනම මඩකලපුව ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතා පාගමනක් සහ රැලියක් පවත්වනු ලැබේ

මෙම විරෝධතා මාලාව ඒ අකාරයෙන් සියළු පළාත් තුල දියත් කෙරෙන අතර, අවසානයේදී දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට එළඹීමටද, බලධාරීන්ගේ ඇස් කන් හරිනතුරු සේවයෙන් වැලකී සිටීමටද තීරණය කර ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විශමතාවය ඉවත් කිරීම වෙණුවට, යම් ප්‍රමාණයකට හෝ විසාදුම් ලබා දී තිබූ රනුක්ගේ වැටුප් නිර්දේශ ක්‍රියාත්මකවීම අත්තනෝමතිකව නතර කර දැමීම, වෘත්තීය උපාධීදාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීම, සේවා දායකයින්ගේ ණය නොගෙවීම, කොමිස් වුවමණාව වෙණුවෙන්, අනවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ගොඩ ගසමින් විශාල මුදල් නාස්තියක් සිදු කරමි සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර බලා සිටීම, ඖෂධ මිල සහ සෞඛ්‍යය සැපයුම් මිල පාළණයක් සිදු නොකරමින් මහජන අවශ්‍යතා නොසලකා හැරීම, සෞඛ්‍ය පරිපාළණය තුල වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම වැනි මූලික ඉල්ලීම් 7ක් සදහා විසදුම් ලබා දෙන තුරු මෙම වර්ජන් ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වේ.

මෙම වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කරමින් යවන ලද ලිපිය පහතින් දැක්වේ.

letter sec 2021 12 13