රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ සිට යතුරු පැදි දෙන්න -රජයෙන් ඉල්ලීමක්

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ සිට යතුරු පැදි දෙන්න -රජයෙන් ඉල්ලීමක්

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ (2022) යතුරුපැදි ලබාදීමට අයවැයෙන් කළ යෝජනාව වාහාම ක්‍රියාත්මක කරන ලෙස සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ලිපියක් ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

යතුරුපැදි ලබාදීම සඳහා අයවැයෙන් වෙන්කළ රුපියල් මිලියන 500 හෙවත් රුපියල් ලක්‍ෂ 5000 ඒ සඳහා ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස සහ සේවා අවශ්‍යතාව හා ඉල්ලුම් කරන සියලු රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීම සුදුසු බවත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය එම ලිපියෙන් යෝජනා කරයි.

මීට පෙර 2014 වසරේ යතුරුපැදි ලබාගත් රාජ්‍ය සේවකයන් 146,381 න් වසර පහ ඉක්මවූ පිරිසට යළි යතුරුපැදි ලබාදීමට සහ 2015 සිට බඳවාගෙන ඇති සංවර්ධන නිලධාරීන් 70,000 ක පමණ ප්‍රමාණයට ද යතුරුපැදි හිමිකම් ඇති බවත් එම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.