ගුරුන්ගේ වැටුප් වංචා කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ගුරුන්ගේ වැටුප් වංචා කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

විශ්‍රාමික හා දැනට සේවයේ යෙදි සිටින ගුරුවරුන්ගේ වැටුප්  හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක් විසින් සිදුකර තිබූ රුපියල් කෝටියකට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දල වශයෙන් ලක්ෂ 97කට අධික බව කියන අදාළ වංචාව 2012 වසරේ සිට ඉතාම සූක්ෂම ලෙස සිදුකර තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිවී ඇති බව වාර්තා වේ.

වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයින්ගේ නම් උපයෝගි කරගෙන සකස් කළ බැංකු ගිණුම් වලට මුදල් බැර කරමින් මෙම වංචාව සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

 මෙම නිලධාරියා වලපනේ ප්‍රාදේශීය සභාවේ රාජකාරි කරන අතර, සතියකට දින දෙකක් හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා අනුයුක්ත කර ඇත. මෙම අනුයුක්ත කිරීම සිදුකර ඇත්තේ , රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි.