පුද්ගලික අංශයේ බස් කොන්දොස්තරවරුන්ට රැකියා අහිමිවීමේ අවදානමක්

පුද්ගලික අංශයේ බස් කොන්දොස්තරවරුන්ට රැකියා අහිමිවීමේ අවදානමක්

පෞද්ගලික බස් රථ සඳහා ටිකට්පත් වෙනුවට ගෙවීම් කාඩ් පත හඳුන්වා දීමෙන් දැනට සේවය කරන විසිදහසකට පමණ තම රැකියාව අහිමි වීමේ අවදානමක් ඇතිව ඇති වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

මෙම ගෙවීම් කාඩ්පත් හඳුන්වාදීමෙන් කොන්දොස්තරවරුන් නොමැතිව බස් ධාවනය කිරීමට හැකිවන අතර, මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස ජනවාරී මාසයේදී සිට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.