ස්ථිර සේවයට ඇතුලත්වන අභ්‍යාසලාභි උපාධිධාරීන්ට හිමි වැටුප හා දිමනා මෙන්න

ස්ථිර සේවයට ඇතුලත්වන අභ්‍යාසලාභි උපාධිධාරීන්ට හිමි වැටුප හා දිමනා මෙන්න

ස්ථිර සේවයට ඇතුලත්වන අභ්‍යාසලාභි උපාධිධාරියෙකුට හිමිවන වැටුප හා දිමනා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් ස්ථීර පත්වීම් ලැබූ අභ්‍යාසලාභීන්ට යම් ගැටළුවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහා දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ මේවනවිට අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 51,500කට ආසන්න ප්‍රමාණයක් ස්ථීර තනතුරු සහිතව සේවාස්ථානගත කිරීමත් ඒ වගේම අප්‍රේල් මස 01 දිනට ස්ථීර කිරීමට නියමිත අභ්‍යාසලාභීන් හා ඩිප්ලෝමාධාරීන්ස්ථීර සේවා ස්ථාන සඳහා යොමුකිරීමේ ක්‍රියාවලියත් දියත්වෙමින් පවතින බවයි.එහිදී මතුව තිබෙන යම් යම් ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සමිති ලෙස මේවනවිට මැදිහත්වෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.