විදුළි ඉංජිනේරු කොටසක් හෙට ලෙඩ වෙයි

විදුළි ඉංජිනේරු කොටසක් හෙට ලෙඩ වෙයි

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

කෙසේ නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ලංකා විදුළිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සහය නොදක්වන බවත් ඔවුන් සුපුරුදු පරිදි සේවා වාර්තාකිරීම සිදුකරන බවත් ලංකා විදුළිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරනවා.