කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීම වැඩසටහනක් බදුල්ලේදී

women-self-nimal

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ  සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගත් කාන්තා සංවිධානවලට ඔවුන්ගේ ආදායම් මාර්ග ප්‍රවර්ධනය කිරීමෙහිලා ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව විවිධ ස්වයං රැකියා උපකරණ ආධාර ලබාදීම  පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මේ යටතේ කාන්තා සංවිධාන අනුහතක්  (97) සඳහා රුපියල් ලක්ෂ (60) හැටකට ආසන්න  ස්වයං රැකියා උපකරණ බෙදාදීම සිදු කෙරුන බව ද, මෙම කාන්තා ස්වයං රැකියා රැකියාලාභීන් සිය වෘත්තීයමය වශයෙන් ශක්තිමත් කිරීම ඔස්සේ මෙරට දළ ජාතික නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීම මෙම වැඩ සටහනේ අරමුණ බව   කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම උපකරණ ප්‍රදානය සමගින්ම ඔවුන්ගේ ගෘහස්ථ ඵලදායිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශන වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජී. යූ. කේ. අල්ගේවත්තගේ මහතා පවසයි.

women self nimal