කුරුණෑගල රෝහලේදී වෛද්‍යවරයකුට මැර පිරිසක් පහරදීලා

කුරුණෑගල රෝහලේදී වෛද්‍යවරයකුට මැර පිරිසක් පහරදීලා

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය වරුණ දිසානායක මහතාට රෝහල තුලදී පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස අත්අඩංගුවට නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාම්රගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, උක්ත පහරදීම සඳහා 2021. 01. 19 දින රාත්‍රී 10.00 ට පමණ රෝහලට පැමිණි තිදෙනෙකුගේ කණ්ඩායමකින් එක් අයකු පමණක් අත්අඩංගුවට ගෙන ඇතත් ඉතිරි දෙදෙනා මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැති බව අප වෙත දැනගැනීමට ලැබී තිබේ.

දැනටමත් පහරදීමෙන් ලද තුවාල හේතුවෙන් වෛද්‍ය වරුණ දිසානායක මහතා කුරුණෑගල රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. රාජකාරී වෙලාව තුලදී රෝහල් පරිශ්‍රයට පැමිණ සිදුකල මෙම මැර ප්‍රහාරයට සම්බන්ධ පිරිස ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

දේශපාලන බලපෑම් හේතුවෙන් ඉතිරි දෙදෙනා අත්අඩංගුවට නොගෙන්නේදැයි සාධාරණ සැකයක් මතු වී ඇත. එබැවින් මෙම පහරදීමට අදාල සියලූ දෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දන්වා සිටිමු.