මාධ්‍යෙව්දීන්ට යුක්තිය ඉටුකරනු - කළු ජනවාරි සැමරුම

මාධ්‍යෙව්දීන්ට යුක්තිය ඉටුකරනු - කළු ජනවාරි සැමරුම

තම ජීවිත අවධානම ද නොතකමින් පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කිරීමට මාධ්‍ය වෘත්තියෙහි නියැලීම නිසා විවිධ අපරාධවලට ගොදුරු වූ මෙරට මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන ලෙස බලපෑම් කරමින් වාර්ෂිකව සංවිධානය කරන ‘කළු ජනවාරිය සැමරුම වැඩසටහන’ 2022 ජනවාරි 26 දා ප.ව. 5 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි (SLPI) පැවැත්වීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සැලසුම් කර තිබේ.

‘ඝාතනයට" අතුරුදන්කිරීමට" ප්‍රහාරයට හා තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු’ යන්න මෙවර කළු ජනවාරියේ තේමා පාඨයයි.

මාධ්‍යවේදීන් "නීතිඥයින්" වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත මෙම වැඩසටහනේදී ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තුළ සැඟවෙන මාධ්‍ය මර්දනය’ පිළිබඳ නීතිඥ අර්මිසා ටේගල්" ‘ICCPR අවභාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංගනය’ පිළිබඳ නීතිඥ ප්‍රබෝධ රත්නායක" ‘රාජ්‍ය ආරක්ෂාව හා දෙමළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව’ පිළිබඳ උදයන් පුවත්පතේ හිටපු කර්තෘ තේවනායගම් ප්‍රේම්නාත්" ‘ගවේශනාත්මක මාධ්‍යවේදීන් ආවේක්ෂණය හා දඩයම’ පිළිබඳ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ යන මහත්ම මහත්මීන් අදහස් දැක්වීමට නියමිතය.

මීට අමතරව ජනවාරි 28 දා ප.ව. 3 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී හා ජනවාරි 31 දා යාපනය නගරයේ දී විරෝධතාවක් පැවැත්වීමට ජනමාධ්‍ය සංවිධාන එකතුව සැලසුම්කර තිබේ.