සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 17 ක් එක්ව අද පෙරවරු 07 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවන බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් අදහාස් දක්වමින් රවී කුමුදශ් මහතා ප්‍රකාශ කළේ හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්,ඖෂධවේදීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයින් මෙම අඛණ්ඩ වර්ජනය සඳහාන් එක්වෙන බවයි.


තවත් පුවත් මෙතැනින්...

සෞඛ්‍ය වර්ජනය වගකිවයුතු සෞඛ්‍ය බලධාරියෙකු නොමැතිවීම නිසා ඇති වන්නක්

සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට වර්ජනයකසෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට වර්ජනයකසෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට වර්ජනයක


සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය විසින් නිකුත්කළ අදාළ ඉල්ලීම් පහතින් වෙයි..

01.2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,

A. මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාලව, තනතුරු නම් කරන ලද චක්‍රලේඛය නිකුත් නොවීම.

B. වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,

i. පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛ නිකුත් කිරීමට වන ප්‍රමාදය

ii. විෂමතා ඉවත් වන පරිදි 2010.11.01 දින දක්වා අදාල තීරණය පෙරදාතම කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.

2. ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව උල්ලංඝණය නොවන අයුරින් වැටුප් ප්‍රතිපත්තිය පවත්වා ගැනීම හා රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

3. අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම සහ වසර 21 කින් යාවත්කාලීන නොවූ ඇමතුම් හා නිදර්ශක දීමනාව ඊට අනුකූල වනසේ යාවත්කාලීන කිරීම.

4. වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.

5. සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම.

6. විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.

7. සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම.