මර්ධනයට එරෙහිව, සාකච්ඡාවෙන් ගැටළු විසදීමට බල කරමින් සුව සටන ඉදිරියට.

මර්ධනයට එරෙහිව, සාකච්ඡාවෙන් ගැටළු විසදීමට බල කරමින් සුව සටන ඉදිරියට.
.
හැට පන් දහසක් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබදව සද් භාවයෙන් යුතු කිසිදු සාකච්චාවක් නොපවත්වා, එය මර්ධනයෙන් පොඩිපට්ටම් කර දැමීමට දරන උත්සාහයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය අඛණ්ඩ ඉදිරියට ගෙන යෑමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත.
 
අද දින උදේ 11ට රැස්වූ වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභාව, සාධාරණ ඉල්ලීම් සදහා විසදුම් ලබා දීම වෙණුවට, වෘත්තීය සමිති මර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීමටත්, එම නිර්ලජ්ජිත උත්සාහයට එරෙහිව කොන්දේසි විරහිතව අරගල කිරීමටත්, ඒකමතිකව  ඒකමතිකව තීරණය කලේය.
 


 
 
 


 

ඒ අනූව රෝගීන් පිළිබද බොරු සානුකම්පාවක් දක්වන සෞඛ්‍ය බලධාරීන්ට සැබෑ වුමණාවක් ඇත්නම් වහා සාකච්ඡාවක් කැදවන ලෙස බල කරන බවයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩබිම හා ප්‍රකාශ කළේ.