ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරිය සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරිය සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී  ජේ. චුන්ග් මහත්මිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලද බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පසුගිය 2022 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.