මහජන ආරක්ෂක පනත හා වැඩ වර්ජන අයිතියට එල්ල වී ඇති තර්ජන ගැන වෘත්තීය සමිති විශේෂ සාකච්ඡාවක

මහජන ආරක්ෂක පනත හා වැඩ වර්ජන අයිතියට එල්ල වී ඇති තර්ජන ගැන වෘත්තීය සමිති විශේෂ සාකච්ඡාවක
මහජන ආරක්ෂක පනත හා වැඩ වර්ජන අයිතියට එල්ල විි ඇති තර්ජන පිලිබදව දැනුවත් කිරීම හා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත හැකි ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡා කිරිිමේ විශේෂ රැස්වීමක් මාර්තු මස 01 වෙනි දින පෙරවරු 10.00ට කොටුව ගුරුමැදුර කාර්යාලයේදි පැවැත්විනි.
 
මේ අවස්ථාව සඳහා වෘත්තීය සමිති සිවිල් හා බහුජන සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටිය අතර එදින රැස්වීමේ දී ගනු ලැබූ තීරණ වලට අනුව  හෙට (04) දිනයේ කොම්පඤ්ඤ වීදිය පොලීසිය අසල දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර ඇත.
 

මේ අවස්ථාව සඳහා වෘත්තීය සමිති නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ රවී කුමුදේශ්,රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය,ජාතික සේවක සංගමයේ සුනිල් ද සිල්වා,නීති..එකමුතුවේ ශිරල් ලක්තිලක,ලංකා ප්‍රගති ගුරු සංගමය,ජාතික වෘත්තීය සමිති පෙරමුණේ තමරා දයානි,ශ්‍රී ලංකා නිදහස් සේවක සංමයේ ආර්.ආර්.එම් සිල්වා ස්වාධීන වරාය සේවක සංගමයේ ලාල් බංගමුව යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් වෘත්තීය සමිති නායකයින් රැසක් සහභාගි වූහ.

 

2

11

aaa