ඊ.ටී.එෆ්-ඊ.පී.එෆ් අධිභාර පනතින් ඉවත් කරයිද?

ඊ.ටී.එෆ්-ඊ.පී.එෆ් අධිභාර පනතින් ඉවත් කරයිද?
සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනත්  විධිවිධාන කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද  (02) දැනුම් දී තිබේ.
 
නීතිපතිවරයා වෙනුවෙන් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය ට දැනුට දැනුම් දෙනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය විසිනි.
 
මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අලුවිහාරේ, ඒ. එච්. එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ අද (02) යළි සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විය.
 
පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉකුත් 23 වැනිදා මෙම  පෙත්සම ගොනු කරනු ලැබිණි.
 
එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාව ගේ සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝගයක් කරන ලෙසද, පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම පෙත්සමෙන් ඉල්ලාඇත .
 
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබේ.