මේ කිසිවෙකුට රාජ්‍ය සේවක විශ්‍රාමය හිමි නැති බවට චෝදනා

මේ කිසිවෙකුට රාජ්‍ය සේවක විශ්‍රාමය හිමි නැති බවට චෝදනා

ශ්‍රී ලංකාවේ සමස්ත පිරිවෙන් සංඛ්‍යාව 825 කි. එහි ඉගැන්වීම් කරන ගිහි පැවිදි ගුරු සංඛ්‍යාව 7400 ක් පමණ වෙයි. එහෙත් මේ කිසිවෙකුට රාජ්‍ය සේවක විශ්‍රාමය හිමි නැත. සෑම ගුරුභවතුකුගේම මූලික වැටුපෙන් 12% ක් විශ්‍රාම වැටුපට යැයි කියමින් කපාගනියි. මූලික වැටුපෙන් වැඩිපුර කපාගන්නා 6% ක මුදල කපා නොගන්නා ලෙස වසර ගණනාවක් තිස්සේ බලධාරීන්ගෙන් කරණ ඉල්ලීම් මේ දක්වා ඉටුවී නැ නොමැති බව ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වර්තමාන ජනාධිතිවරයා බලයට පැමිණ කෙටි කලකින් සමස්ත පිරිවෙන් ගුරුවරයා මුලාකරමින් කියා සිටියේ මූලික වැටුපෙන් අයකරගන්නා අමතර 6% කැපීම නතර කළ බවයි. එනමුත් එය ජනප්‍රියතාව ඇතිකර ගැනීමට කළ මුසා බසක් මිස අන් යමක් නොවේ.

මෙකී තත්වය නිසා මූලික වැටුපෙන් 12% කැපීමට, රාජ්‍ය සේවක විශ්‍රාමය පිරිවෙන් ගුරුවරයාට ලබා නොදීමට එරෙහිව පිරිවෙන් ගුරු විරෝධතා පෙත්සමක් අත්සන්කොට ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු සුදානම් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.