රාජ්‍ය ආයතන වල විදුලිය හා ඉන්ධන භාවිතය අවම කිරීමට චක්‍රෙල්ඛයක් නිකුත් කරයි

රාජ්‍ය ආයතන වල විදුලිය හා ඉන්ධන භාවිතය අවම කිරීමට චක්‍රෙල්ඛයක් නිකුත් කරයි

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අදාළව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ රටේ පවතින විදේශ සංචිත අඩුවීම හේතු කොටගෙනය.

මෙහිදී විදුලි සෝපානය භාවිත කිරීම අඩු කිරීම, අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීම, පස්වරු 2.30-4.30 දක්වා වායු සමීකරණය යන්ත්‍ර අක්‍රීය කිරීමට උනන්දු කිරීම, ආදී යෝජනා මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර ඇත.

එම චක්‍ර ලේඛය පහතින් දැක්වේ.