කිරි හා කිරි නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය ඇතුළ භාණ්ඩ වර්ග 367 ආනයනය කිරීම තහනම්

කිරි හා කිරි නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය ඇතුළ භාණ්ඩ වර්ග 367 ආනයනය කිරීම තහනම්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම පාලනය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, කිරි හා කිරි නිෂ්පාදන ආහාර එම භාණ්ඪ වලට ඇතුළත් කර තිබෙනවා.

මෙයට අමතරව, පළතුරු වර්ග, මාළු වර්ග, පැස්ටා. මස්වර්ග, නූඩ්ලස් හා බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය දැඩි පාලනයකට යටත් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

එම භාණ්ඩ ආනයනය කිරීම සඳහා රජයෙන් අවසර ගැනීමට සිදුවන බවද සඳහන් වේ.