ඖෂධ හිඟය, ඖෂධ මිල පාලනය සහ ඖෂධ නිෂ්පාදනය කෙරෙහි වහාම සක්‍රියව මැදිහත් වන ලෙස ඉල්ලයි

ඖෂධ හිඟය, ඖෂධ මිල පාලනය සහ ඖෂධ නිෂ්පාදනය කෙරෙහි වහාම සක්‍රියව මැදිහත් වන ලෙස ඉල්ලයි

රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවට ඇතැම් වෘත්තීය සමිති සහ මාධ්‍ය මඟින් දිගින් දිගටම වාර්තා කරන අතර බොහෝ අවස්ථාවන් වලදී ඔසු හල් වලින් සහ රෝහල් වලින් ඖෂධ නිකුත් කිරීමේදී ඇතැම් ඖෂධ නොමැති බව ප්‍රකාශ කරන බව සනාථ වී ඇති අතර, ඖෂධ හිගය , ඖෂධ මිල සහ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ වන විට රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවට ඇතැම් වෘත්තීය සමිති සහ මාධ්‍ය මඟින් දිගින් දිගටම වාර්තා කරන අතර බොහෝ අවස්ථාවන් වලදී ඔසුහල් වලින් සහ රෝහල් වලින් ඖෂධ නිකුත් කිරීමේදී ඇතැම් ඖෂධ නොමැති බව ප්‍රකාශ කරන බව සනාථ වී ඇත. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී හදිසි රෝගාබාධ සහ දීර්ඝකාලීන රෝගාබාධවලින් වෛද්‍ය ප්‍රතිකාර ලබන සාමාන්‍ය ජනතාවට අඛණ්ඩව ලබා ගැනීම සම්බන්ධව ගැටලු මතු වුවහොත් එය ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට සෘජුව දායක වන බව ප්‍රකාශ කළ හැක. එබැවින් අඛණ්ඩවම ඖෂධ සැපයුමක් හට තුළ පවත්වාගෙන යාමට හැකි පරිදි දැනට පවතින ක්‍රමවේදය අඩුපාඩු හෝ ඖෂධ සැපයුමෙන් දුර්වලතා හෝ හිඟ පවතින්නේ නම් ඒ සම්බන්ධව ඔබගේ අවධානය කඩිනමින් යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.

මේ වන විට බොහෝ ඖෂධ වල මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ළඟා වෙමින් පැවතීම නිසා බොහෝ රෝගීන් ඖෂධ මිලදී ගැනීමේදී නියමිත කාල සීමාව පුරාම ඖෂධ ලබා නොගෙන ඖෂධ වශයෙන් ලබා ගැනීමට පෙලඹෙන බවක් නිරීක්ෂණය වී ඇත මේ තත්ත්වය ඔවුන්ගේ ස්වභාවය උත්සන්න කිරීමට දායක වන බැවිනි ජනතාවට දරාගත හැකි සීමාව පවත්වාගෙන යාම සඳහා අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කොට මහ ජනතාවට සහනයක් සලසනු ලෙස ද ඉල්ලා සිටිමු

මෙම ඇති වී තිබෙන තත්ත්වය රටේ නිවනට නිර්මාණය වෙමින් පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි වන නමුත් සාමාන්‍ය මහජනතාවට අඛණ්ඩව නිදහස් සෞඛ්‍ය සේවය ලබාගත හැකි වන පරිදි ඉහළ දේශපාලකයන් සහ අදාල බලධාරීන් සමග සාකච්ඡා කොට ඖෂධ නිෂ්පාදනය සහ බෙදා හැරීමත් ඖෂධ මිල පාලන තත්ත්වයන් පවත්වාගෙන යාමට රජයෙන් අවශ්‍ය කරන සහන ආධාර ලබාගැනීමට ඔබ අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි ඖෂධ නිෂ්පාදනය කිරීමද එය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා දැනට පවතින පහසුකම් භාවිතා කරමින් කටයුතු කිරීම කෙරෙහි ඔබගේ අවධානය යොමු වන්නේ නම් තවදුරටත් මෙම ගැටළුව පාලනය කරගැනීමට ශ්‍රී ලංකාව තුළ දී පවතින සම්පත් වලින් යම් සහනයක් සහ හැකියාවක් හැකි බව ද නිරීක්ෂණය වන අතර ඒ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමුවනු ඇතැයි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස විශ්වාස කරමු.