ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සත්‍යග්‍රහයට සහය පලකරමින් වෘත්තීය සමිති රැසක් එක්වෙයි

ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සත්‍යග්‍රහයට සහය පලකරමින් වෘත්තීය සමිති රැසක් එක්වෙයි
රජය විසින් පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ට ලබා දීමට නියමිත රුපියල් 1000ක දෛනික වැටුප ලබා දෙන ලෙස රජයට බලකරමින් නාරාහෙන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට ලංකා වෘත්තීය සමිති සම්මේලනය විසින් පැවැත්වූ සත්‍යග්‍රහයට සහය පලකරමින් ඊයේ දිනයේ වෘත්තීය සමිති කිහිපයක් එම විරෝධතා ව්‍යාපරයට එක්ව සිටියහ.
 
DSC05523
 

මෙම අරගලයට සහය පලකරමින් සෞඛ්‍ය සේවය,රාජ්‍ය කළමනාකරණ සේවය,තැපැල් සේවය,බැංකු සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයින් රැසක් ඒ සඳහා එක්ව සිටි බවයි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රධාන සංවිධායිකා තමරා දයානි මහත්මිය වැඩබිම හා සඳහන් කළේ.

DSC05516



වැඩබිම තවත් පුවත් කියවන්න..



 

DSC05529

 

 

DSC05531