ජන අරගලයට සහය පල කරමින් නීතීඥයෝ ද සටන් බිමට !

ජන අරගලයට සහය පල කරමින් නීතීඥයෝ ද සටන් බිමට !
ජීවන වියදම ඉහළ යාම, පාලකයන් විසින් මහජන දේපල මංකොල්ල කෑම සහ රටේ ආර්ථිකය පිරිහීම වැනි කරුණු හේතු කරගනිමින් වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි බල කරමින් රට පුරා ක්‍රියාත්මක වන විරෝධතා මාලාවට සහය පල කරමින් ඊයේ (05), අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටට රැස්වෙමින් නීතීඥවරුන් ද විරෝධතාවයේ නියැලුණහ.
 

එලෙස රැස් වූ නීතීඥයයෝ සටන්පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කියා මෙම අසාර්ථක පාලනය විසින් ජීවන වියදම ඉහළ යවමින් මහජනතාව පීඩාවට පත් කරන අතර පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් කඩ කරමින් සිටිනා බවයි. එලෙසම මහජන ධනය සොරා කෑ දේශපාලකයන්ගෙන් එකී ධනය යළි ආපසු අය කර ගත යුත්තා සේ ම, ඒකාධිපති පාලනයකට මග කියන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ද හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියේ ය.

DSCF6061

DSCF6082

DSCF6078

DSCF6084