එලෙස රැස් වූ නීතීඥයයෝ සටන්පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කියා මෙම අසාර්ථක පාලනය විසින් ජීවන වියදම ඉහළ යවමින් මහජනතාව පීඩාවට පත් කරන අතර පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් කඩ කරමින් සිටිනා බවයි. එලෙසම මහජන ධනය සොරා කෑ දේශපාලකයන්ගෙන් එකී ධනය යළි ආපසු අය කර ගත යුත්තා සේ ම, ඒකාධිපති පාලනයකට මග කියන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ද හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියේ ය.




