ජන පීඩක ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පාසල් ගුරුවරු ද විරෝධය පාති !

ජන පීඩක ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පාසල් ගුරුවරු ද විරෝධය පාති !
ජන පීඩක ආණ්ඩුව ගෙදර යැවීම අරමුණු කොට ගනිමින් රට පුරා ක්‍රියාත්මක වන විරෝධතා මාලාවට සහය පළ කරමින් පසුගිය 05 වෙනි දින දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරුවරු විරෝධතාවන්හි නියැලුණහ. කළු ඇඳුමින් පාසල් වෙත පැමිණි ගුරුවරු සිය පාසල් ඉදිරියේ මෙලෙස විරෝධතාවන්හි නිරත වනු දක්නට ලැබුණි.
 
කොළඹ, ආරක්ෂක විද්‍යාලය, මහනාම විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ තවත් පාසල් රැසක් ඉදිරියේ ගුරුවරු රැස්ව සිටි අතර සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ජන පීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකර සිටියෝය.
 
තව ද, බොරැල්ල මංසන්ධිය වෙත පාගමනින් පැමිණි ගුරුවරුන් විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වූ අතර එයට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ද සහභාගී වී සිටියේය. එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,
 
"සියලු ජනතාවගේ අභිලාෂය ගෝඨාභය රාජපක්ෂ පාලනය වහා ම අවසන් කළ යුතු බවත්, ඊට ඇහුම්කන් දී ආණ්ඩුව යා යුතු බවයි.එසේ නොමැතිව බොරු ඇමතිමණ්ඩල දිවුරුම් දීම්, බොරු ඉල්ලා අස්වීම් ස්වාධීන වීම් අදාළ නොවන බවත් ජනතා අපේක්ෂාව වන ආණ්ඩුව ගෙදර යාම කරන තුරු ගුරු විදුහල්පති සංධානය පෙනී සිටින බවත් ඒ සඳහා සටන් කරන බවත්" ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
මෙහි දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසු දරුවන් එක්ව විරෝධතාවෙහි නිරත වී සිටිම විශේෂත්වයක් වූ අතර වත්මන් ජනාධිපතිවරයා ද කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
 

-Protect union-

DSCF6110

DSCF6142

DSCF6151

DSCF6159