ජනතාවගේ විශ්වාසය පළුදු කරගත් රජයකට, පවතින අර්බුධයෙන් රට ගොඩ ගැනීමට කිසිසේත්ම බැහැ

ජනතාවගේ විශ්වාසය පළුදු කරගත් රජයකට, පවතින අර්බුධයෙන් රට ගොඩ ගැනීමට කිසිසේත්ම බැහැ

රජය සහ ජනාධිපතිවරයා ජන මතය තේරුම් ගනිමින් තීරණ නොගැනීම හේතුවෙන් රට නැවත ගොඩ නැගිය නොහැකි අර්බුධයකට ලක් වෙමින් තිබේ. මේ මොහොතේ තීරණ ගැනීම සදහා ඇති වන දිනක ප්‍රමාදය, වසරකින් රට ආපස්සට හරවන බව වග කිවයුතු රජයක් ලෙස වටහා ගත යුතුය.

තත්ත්වය එසේ තිබියදී ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් තවදුරටත් ජනතාවට තර්ජනය කරමින් සිටීම මගින්, අවසාන මොහොතේ පවා ජන අභිලාෂයට ගරු කිරීමේ වුවමණාවක් ආණ්ඩුවට නොමැති බව තහවුරු වී ඇත.

රටේ මහජනතාවගේ විශ්වාසය නොමැති ආණ්ඩුවකට ජාත්‍යන්තර විශ්වාසය දිනා ගනිම්න් මෙකී ආර්ථික අරබුධයෙන් ගොඩ ඒමට කිසිස්සෙත්ම නොහැකි බැවින්, ඒ සදහා බලකරමින් වෘත්තීය සමිති ව්‍යාපාරයද ජන අරගල ශක්තිමත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 2021.04.08 දින ජාතික වෘත්තීය සමිති විරෝධතා දිනයක් ලෙස සලකමින් රට පුරා ජන ජීවිතයට පීඩාවක් නොවන අයුරින් වර්ජන සහ විරෝධතා සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කොට ඇත.

ඒ අනූව හෙට පස්වරු 3 සිට කොළඹ ලිප්ටන් වටරවුම අසල පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවයට එක් වන ලෙස සියළු වැඩකරන ජනතාවගෙන්, සියළු වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ රට නිවැරදි පීල්ලට ගැනීමට වෙර දරන සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය