අද සවස 3.00ට වෘත්තීය සමිති ලිප්ටන් වටරවුමට

අද සවස 3.00ට වෘත්තීය සමිති ලිප්ටන් වටරවුමට

ජාතික වෘත්තීය සමිති විරෝධතා දිනයක් ලෙස 08 (අද) දින නම්කරමින් රට පුරා ජන ජීවිතයට පීඩාවක් නොවන අයුරින් වර්ජන සහ විරෝධතා සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කොට ඇත.

අද පස්වරු 3 සිට කොළඹ ලිප්ටන් වටරවුම අසල පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවයට එක් වන ලෙස සියළු වැඩකරන ජනතාවගෙන්, සියළු වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ රට නිවැරදි පීල්ලට ගැනීමට වෙර දරන සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින  බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අනුව පහත සඳහන් වෘත්තීය සමිති මෙම විරෝධතාවයට එක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කම්කරු සම්මේලනය, ඇඟලුම් නිමි භාණ්ඩ හා රෙදිපිළි සේවක සංගමය, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය, හෝටල් සේවක මධ්‍යස්ථානය, ස්වාධීන වරාය සේවක සංගමය, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය,  ටෙලිකොම් සියලු සේවක සංගමය, කළමනාකරණ හා සංවර්ධන නිලධාරී සේවය, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය, රජයේ කළමනාකරණ නිලධාරී සංගමය, රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය, පළාත් කළමනාකරණ සේවා නිලධාරී සංගමය, ස්වාධීන කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ ජාතික එකමුතුව, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව, සමස්ත ලංකා පරිපාලන නිලධාරී සංගමය, ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය, රැකියාලාභී උපාධිධාරී සංගමය, රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව, සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන්ගේ සංගමය,  ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය, ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය,  තැපැල් රියදුරු සංගමය, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, දුම්රිය වෘත්තීය සමිති සංගමය,  දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය,  රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය, රසායනාගාර සහයක සංගමය, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, රජයේ ආහාර නිරීක්ෂකා හා සංගමය, ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන සමූපකාර වෘත්තීය සමිති එකමුතුව, අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය,  විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංගමය