විදේශ් ණය ගෙවීම තාවකාලිකව නතර කරයි

central-bank-of-sri-lanka

දීර්ඝ කාලීන ණය ගෙවිම පැහැර හැරීමක් වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රි ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා (13) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, රට මේ වන විට පැවතින තත්ත්වය අනුව ණය ගෙවීම අභියෝගයක් මෙන්ම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

මේ වන විට රට තුල පවිත විදෙස් සංචිත ඉතා අඩුවී ඇති බවත් ඒවා ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යාවශ දෑ ගෙන ඒම වෙනුවෙන් යොදා ගත යුත බවත්, ශ්‍රී ලංකාව කිසිම දිනක ණය ගෙවීම පැහැර ඇති රටක් නොවන බවත් මෙය තාවකාලික පියවරක් පමණක් බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.