"ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර නොගියොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා"

"ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර නොගියොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා"

ජනතා හඬට සවන් නොදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ මහජන සටනට සහය පල කරමින් වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (20) දින දීප ව්‍යාප්ත කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි  රාජ්‍ය ආයතනවල, අර්ධ රාජ්‍ය ආයතනවල සහ අවිධිමත් අංශය නියෝජනය කරන සේවකයන් සිය දහවල් කෑම පැය තුළ විරෝධතාවන්හි නිරත වූහ. එ අනුව කොළඹ දිස්ත්‍රික් විරෝධතාව කොටුව දුම් රිය පොළ ඉදිරිපිට දී පැවැත්වුණු අතර, රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ අවිධිමත් අංශය යන අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් විරෝධතාවට එකතු වූහ.

කළු ඇඳුමින් සැරසුණු විරෝධතා කරුවන්ගේ මූලික සටන් පාඨය "ජන මතයට හිස නමනු ! - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යනු !"  වශයෙන් සඳහන් වුවත්, බඩු මිල අඩු කරනු, සියලු ම කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට වහා කටයුතු කරනු, ජනතාව පෙළන ගැටලුවලට වහා සහන සලසනු, ඓMF යනු උගුලක් මිසක් විසඳුමක් නොවේ සහ ජන අරගල මර්දනය නවතනු ආදී වූ විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් විරෝධතාවෙහි නිරත වූහ.

DSCF6397

DSCF6370

DSCF6403
විරෝධතාව අවසානයෙහි වෘත්තීය සමිති නායකයෝ ජනතාව අමතමින් කියා සිටියේ, ජනතා හඬට සවන් දී ගෝඨාභය රාජප්ඛ්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස් නොවී 'බේබි කැබිනට්ටුවක්' නිර්මාණය කොට ජන අරගලය රැවටිය නොහැකි බවත්, රාජපක්ෂ ආණ්ඩුව නැවත් වතාවක් පුරුදු පරිදි තුවක්කුවෙන් ජන අරගල මර්දනයට කටයුතු කරමින් සිටිනා බවත්, එකී මර්දනයට මෙම සටන් නවතාලිය නොහැකි බවත් ඔවුහු කියා සිටියහ. එසේ ම අද රට පුරා ආයතන ඉදිරිපිට කළු කොඩි ඔසවමින් විරෝධතා ක්‍රිආත්මක වූ අතර, එළඹෙන 28 වන දා වැඩවර්ජනක් දක්වා මේම සටන පුළුල් කරන බව ඔවුහු ප්‍රකාශ කළහ. එලෙස ම මෙවර වැඩ කරන ජනතාවගේ අරමුණ රාජපක්ෂ පාලනය ගෙදර යැවීමට එහා ගිය ජනතාවට බලය ලබා ගැනීම දක්වා විහිදුණු පුළුල් ජන සටනක් බවද ඔවුහු පෙන්වා දුන්හ.
DSCF6412
මෙම විරෝධතාව සඳහා ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවක සංගමය, ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, රජයේ එක්සත් කළමණාකරණ සහකාර සංගමය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමය, ජනරජ සෞඛ්‍යසේවා සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ජාතික වෘත්තිය සමිති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා වෘත්තීය සමිති, ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය, වානිජ සහ කාර්මික සේවක සංගමය, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, එක්සත් පොදු සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ශ්‍රී ලංකා තැපල් හා විදුලි සංදේශ සේවක සංගමය, ජාතික තැපල් හා විදුලි සංදේඅශ සේවක සංගමය, එක්සත් ජාතික තැපල් සේවක සංගමය, විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, එක්සත් පොදු සේවක සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය, ශ්‍රී ලංකා තැපල් හා විදුලි සංදේශ සේවා සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දුම් රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුව, ලංකා විදුලි පොදු සෙවක සංගමය, ලංවීම පොදු සේවක සංගමය, පෞද්ගලික සෙවක මධ්‍යස්ථානය, ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය, ගොවි හඬ ජාතික ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, පුනුරුද ව්‍යාපාරය, සහ ප්‍රොටෙක්ට් සංගමය ඇතුලු වෘත්තිය සමිති සහ බහු ජන සංවිධාන රැසක සාමාජික සාමාජිකාවන් ද විශාල පිරිසක් රැස්ව සිටියහ.

-ප්‍රොටෙක්ට් සංගමය-