සෞඛ්‍ය අර්බුදය කලින් ගෙන්වා ගත්තේ සෞඛ්‍ය බලධාරීන්මයි

සෞඛ්‍ය අර්බුදය කලින් ගෙන්වා ගත්තේ සෞඛ්‍ය බලධාරීන්මයි
ලබන දෙසැම්බර් මාසයේ ඇති වියයුතුව තිබූ  සෞඛ්‍ය අර්බුදය, මේ අවුරුද්දේ ජනවාරි වලට කල්තියා ගෙන්වා ගත්තේ සෞඛ්‍ය පරිපාලනයේ උද්ධච්ඡ තීරණ සහ දුර්වල කළමනාකරණය නිසා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
 
අලූත් සෞඛ්‍ය ඇමතිතුමා වැඩ බාර ගන්න අවස්ථාවේදී මුව ආවරණ පැළඳීමට අවශ්‍ය නොවන බව ප‍්‍රකාශ කළත්,  සෞඛ්‍ය අමාත්‍යාංශ  මාස්ක් පැළඳීම අනිවාර්ය කරමින් දැක්වූ හේතු වලින් කිසිවක් වෙනස් වී නොමැති බව එම සංගමයේ සභාපති රවි කුමුදේශ් කියා සිටියි.
 
මාස්ක් පැළඳීම විද්‍යාත්මක තීරණයක් නම් එය ඉවත් කිරීමත් විද්‍යාත්මක ක‍්‍රමයක් වෙන්න අවශ්‍ය බවත්, එය ඇමතිවරයා දිවුරුම් දෙන උත්සවයේ ප‍්‍රවෘත්තියක් පමණක් විය යුතු නැති බවත් හෙතෙම පෙන්වාදෙයි.
 
අලූත් සෞඛ්‍ය ඇමති වරයා කියා සිටින්නේ බෙහෙත් ඇත්තේ තවත්, මාස දෙකකට පමණක් බව වුවත්,  ඔහු රාජ්‍ය ඇමතිව සිටියදී එහෙම ප‍්‍රශ්නයක් නොමැති බව කියා සිටි බවත් රවි කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කරයි.