මුහුණු ආවරණ නීතිය යළිත් අනිවාර්ය වෙයි

මුහුණු ආවරණ නීතිය යළිත් අනිවාර්ය වෙයි
පසුගිය 18 වෙනි දින සිට ක්‍රියාත්මක පරිදි ලිහිල් කරන ලද මුහුණු ආවරණ පැළඳීමේ නීතිය නැවතත් බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල හුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ මේවනවිට රට තුළ ඇති තත්ත්වය විශේෂයෙන් රට පුරා තැන තැන සිදුවෙන ජන ඒකරාශීවීම් හේතුවෙන් මුහුණු ආවරණ පැළඳීමේ අනිවාර්ය නීතිය ආපසු කැඳවීමට පියවර ගත් බවයි.
 
මෙලෙස රට පුරා ජන ඒකරාශීවීම හරහා යලිත් වරක් රට තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගත් බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අනිවාර්ය කර තිබෙන බව නිවේදනය කර ඇත.
 



 
 
 
 


 
3024431