රට ස්ථාවර කරන ලෙස ඉල්ලා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

රට ස්ථාවර කරන ලෙස ඉල්ලා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි
රට ස්ථාවර කරන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීන් අද (04)  දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
 
එම තීරණයට අනුව අසනීප නිවාඩු වාර්තා කර පෙරවරු 11.00ට පමණ කොටුව  දුම් රිය ස්ථානයේන් විරෝධතාවයක් හා විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී. කමල් කිත්සිරි මහතා සඳහන් කළේ.

 

ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් එකමුතුව සංවිධානය කරන මෙම විරෝධතා පාගමන පස්වරු 12ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.