මහජන ආරක්ෂාව පෙන්වා ගෙනාපු හදිසි නීතිය, මහජනතාව බිය වැද්දවීමට දරණ උත්සාහයක්

ravi-kumudesh

රට තුළ හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කර ගනිමින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගැනීම සඳහා හදිසි නීතිය කිසිසේත්ම අනුකූල නොවන මර්ධනීය උවමනාවක්. අදූරදර්ශී, අවිචාරවත් සහ අසමත් ආණ්ඩුකරණය තුලින් රට සහ මහ ජනතාව බරපතල විපතකට ලක්කර ඇති ජනාධිපතිවරයා, මහජන මතයට ඇහුම්කන්දීම වෙණුවට මහජනතාව මර්ධනය කර රට තවදුරටත් විනාශය කරා ගෙන යෑමට දර උත්සාහයට අපගේ දැඩි විරෝධය පල කර සිටිම අතර ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට අපේක්ෂා කරමු.

රටේ පවතින වත්මන් තත්වයට හදිසි නීතිය කිසිසේත්ම පිළිතුරක් නොවන බැවින් හා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට එරෙහිව ගනු ලැබූ, තවදුරටත් උද්දච්ච පාලනයක් පිළිබදව තබා ඇති විශ්වාසය අතහැර නොමැති බවට තහවුරුවකි.

ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන අතර, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම සඳහා හදිසි නීතිය පැනවීමේ අපේකාෂාව බව පැහැදිළිය.

ඒ හේතුවෙන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම වහා අවලංගු කරන ලෙස අප බලකර සිටිමු.

1959 අංක අට දරණ පනතින් සහ ජාතික ආරක්ෂක සභාවේ 1978 අංක හය දරණ පනතින් මෙන්ම 1988 අංක 28 දරණ පනතින් මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියට අනුව මෙලෙස හදිසි නීතීය පනවා තිබේ.

රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය