නිර්පාර්ශික අරගලයට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමින් වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වැරුමක

නිර්පාර්ශික අරගලයට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමින් වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වැරුමක
ගෝඨාගෝගම පරිශ්‍රයේදී නිරායුධ අරගල කරුවන්ට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමින් සමස්ත වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීරණය වීමට තීරණය කර තිබේ.
 
ගෝඨාගෝගම පරිශ්‍රයේදී හදිසියේ කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අංශය,අර්ධ රාජ්‍ය අංශය,පෞද්ගලික අංශය හා අවිධිමත් ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිති මෙම තීරණය ගෙන තිබෙන අතර සෞඛ්‍ය සේවයේ හදිසි සේවා හැර අනෙක් සියළුම අංශ අඛණ්ඩ වැඩ වර්ජනයට එක්වෙන බව වැඩබිම කළ විමසීමකදී වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.