විභාගයට යන දරුවන් විභාග මාධ්‍යස්ථානවලට ඇරලවන්න

විභාගයට යන දරුවන් විභාග මාධ්‍යස්ථානවලට ඇරලවන්න

අධ්‍යාපන පොදු සහතික සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටන දරුවන් මහමඟ සිටියොත් ඔවුන්ව තමන්ගේ වගකීමක් හා යුතුකමක් සේ සලකා විභාග මධ්‍යස්ථානවලට ඇරලවන ලෙසත්, විභාගය අවසන් වූ විට ඔවුන්ගේ නිවාස අසලට ඇරලවන ලෙසත් වෘත්තීය සමිති නායකයින් වන පූජ්‍ය උලපනේ සුමංගල හිමි, ජෝශප් ස්ටාලින්  තමරා දයානි, රවි කුමුදෙස්, උදේනි දිසානායක, චින්තක බණ්ඩාර, චමින්ද පෙරේරා, අශිලා දන්දෙනිය, චන්ද්‍ර දේවනාරායන රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ආණ්ඩුවේ වරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා සියලු පුරවැසියන් මේ වනවිට දැඩි අර්බුදයකට ල්ව ඇති මොහොතක අ.පො.ස. සාමාත්‍ය පෙළ විභාගය මේ මස 22 (හෙට) දින ආරම්භ වීමට නියමිතය.

රටේ පවතින ඉන්ධන හිඟය නිසා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය දුර්වල මට්ටම පවත්න බව ඔබ අප කවුරත් දන්නා අත්විඳිමින් සිටින අවස්ථාවකි.

මේ තත්ත්වය නිසා විභාගයට පෙනී සිටින දරුවන් හට විභාග මධ්‍යස්ථානවලට ගමන් කිරිමට ප්‍රවාහන පහසුකම් නොමැති වුවහොත් දරුවන්ගේ අනාගතය අඳුරුවීමට නියමිතය.

ඒ නිසා සියලු සිවිල් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් මහමඟ සිටියොත්, ඔවුන් විභාග මධ්‍යස්ථානවලට ඇරලවීමටත්, විභාගය අවසන් වී මහමඟ සිටින දරුවන් තමන්ගේ නිවාස හෝ තම ගමට ඇරලවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.