සෞඛ්‍ය අර්බුදය විසඳන බවට පොරොන්දුවක්

සෞඛ්‍ය අර්බුදය විසඳන බවට පොරොන්දුවක්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් වෘත්තීය සමිති සන්ධානය සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද අග්‍රාමාත්‍ය සෞඛ්‍ය කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක රුවන් විජේවර්ධන මහතාද අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වනු ලැබූ බවත්, එහිදී තම වෘත්තීය සමිති සන්ධානය මගින් ලබාදෙන ලද පහත යෝජනා සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර ලද අතර එය ඉදිරි ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම යෝදනා පහතින් දැක්වේ.

  1. සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බැවින් ඖෂධ හිඟය මඟහරවා ගැනීම සහ අදාළ කටයුතු කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්යය සාධක බලකායක් පිහිටුවීම.
  2. රටට අවශ්‍ය කරන ඖෂධ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් නිසි ක්‍රමවේදයකට යටත්ව අඩු කාල සීමාවක් තුළදී රටට ඖෂධ ගැනීම සඳහා වන වෘත්තීය සමිති ව්‍යාපාරය විශේෂ හදිසි ප්‍රතිචාරාත්මක යෝජනා ඉදිරිපත් කිරීම
  3. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් සහ අතිකාල කප්පාදුවකින් තොරව අදාල දීමනා ලබා දීමට භාණ්ඩාගාර පහසුකම් සැලසීම
  4. වෛද්‍යවරුන්ට විෂය ප්‍රගුණ තාවයන් ලබා ගනිමින් පිළිගත් පශ්චාත් වෛද්‍ය උපාධිය ආයතනයක් හරහා විශේෂ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලා ආරම්භ කිරීම.
  5. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට තානාපති කාර්යාල හරහා අදාල රටවල් හි විදේශ රැකියා අවස්ථා සඳහා පසුබිම සකස් කර ගැනීම සඳහා වන අදහස් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම
  6. දේශිය වශයෙන් අවශ්‍ය බටහිර ඹෘෂධ නිෂ්පාදිතය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම
  7. විසි එක්වන සියවසට ගැලපෙන පරිදි සෞඛ්‍ය සේවයේ නායකත්ව සහ කළමනාකරණ ක්‍රමවේදයන් වෙනස් කිරීම සඳහා තොරතුරු තාක්ෂණය ඇතුළු නූතන තාක්ෂණ භාවිතා වන්නේ සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිම

වෛද්‍යවරුන් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයන් ගේ වැටුප් හා දීමනා කප්පාදුවකින් තොරව අදාළ මුදල් නිසි පරිදි ගෙවීමට කටයුතු කිරීම. මෙහි දී ගෙවීම් කටයුතු සම්පුර්ණයෙන්ම සිදුකරනු නමුත් ඒ සඳහා ගතවන කාලයේදී යම් ප්‍රමාදයක් සිදු විය හැකි බව අග්‍රමාත්‍ය ලේකම් තුමා සඳහන් කරන ලදී

මෙම කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා සම්බන්ධ සාකච්ඡා කොට රටේ සෞඛ්‍ය සේවය ප්‍රගමනය සඳහා සාධනීය වැඩපිළිවෙළක් සකස් කරන බවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ හා අග්‍රාමාත්‍ය සෞඛ්‍ය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කමිටු සාමාජික රුවන් විජේවර්ධන මහතා සහතික වුහ.