වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව UN යයි

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව UN යයි

ගෝඨා ගෝ ගමට පහරදුන් මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයන් නිදැල්ලේ සිටියදී, රටපුරා මර්දනය දියත් කරමින් සිවිල් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඊයේ (21) වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් එක්සත් ජාතීන්ගේ සංගමයට ලිපියක් බාර දෙන ලදී.

ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජනමතයට පයින් ගසමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන අතර පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ මානව  හිමිකම් කඩකිරීම දක්වා එය ගමන් කොට ඇත.

1

2

සිවිල් දේශපාලනික ක්‍රියාකාරීන් අතඩංගුවට ගනිමින්, මාධ්‍ය වේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරමින් යන මේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මැදිහත් වීමක් අත්‍යාවශ්‍ය බව ඔවුන් කියා සිටියේය. මේ සඳහා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන් පිරිසක් අදාළ ලිපිය භාර දී මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

4