හදිසි නීතිය මේ සතියෙන් අහෝසි වෙන්න නියමිතයි

හදිසි නීතිය මේ සතියෙන් අහෝසි වෙන්න නියමිතයි
හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරනු ඇති  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
 
හදිසි නීතිය මෙම සතියේ අග අවසන්වීමට නියමිතයි.
 
මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව කී ජනාධිපතිවරයා,  ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පවසා තිබේ.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ඊයේ (16) පස්වරුවේ පැවැති "විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය - 2022" සම්මාන උළෙල අමතමිනි.
 
කෙසේ වෙතත් මෑත යුගයේ වෘත්තීය සමිති ක්‍රියාධරයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් බොහොමයක් අත්අඩංගුවට ගැනීම හෝ ඇතැම්විට පැහැරගැනීම සිදුකරනු ලැබුවේ හදිසි නීතිය දඩමීමා කරගනිමිනි.
 
මේ හේතුව නිසාම දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාධරයින් හදිසි නීතිය ඉවත් කළ යුතු බවට දිගින් දිගටම රජයට බලපෑම් කරන ලදී.