විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ වෙයි?

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ වෙයි?

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වසර 63 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (23) විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ඔවුන්ගේ සැලසුම් සඳහා රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය බාධාවක් වී ඇති බව කරුණු සහිතව පෙන්වා දුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මේ වසර අවසානයේ විශේෂඥ වෛද්‍යවරුන් 300කට පමණ විශ්‍රාම යාමට සිදුවන බවයි.